රිලවුන් චීනයට ලබාදීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව මේ සඳහා අදාළවන සියලුම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර එම කමිටුව විසින් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
චීනය විසින් වසරක් තුළ රිලව්න් ලක්ෂයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.
