කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු 2023 අප්‍රේල් 11 දින සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව තීරණය කර තිබේ.
සංස්ථාපනයේ දී දක්වා ඇති ආකාරයට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතික පවත්වාගෙන යාමට Cooperative Insurance Company PLC අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව සඳහන් වේ.
මේ අනුව නව ගනුදෙනු ආරම්භ කිරීම හෝ කල් ඉකුත්වන රක්ෂණ ගනුදෙනු දීර්ඝ කිරීම Cooperative Insurance Company PLC හට තහනම් වනු ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් Cooperative Insurance Company PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී උදය කුමාර මහතා පවසන්නේ, මෙය තාවකාලික තත්ත්වයක් පමණක් බවය්. එසේම රක්ෂණ වන්දි ගෙවීම් ඇතුළුව සමාගමේ මූල්‍ය අංශ්‍ය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක බවත්, පවතින වාතාවරණය සමනය කර ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Cooperative Insurance Company PLC හි කොටස් ගනුදෙනු ද මේ වන විට අත්හිටුවා තිබේ.
