අමතර කොටස් අහේනියෙන් ශ්‍රී ලංකන් යානා 5ක්ම ගාල් වෙයි

210

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යාන ඇණියෙන් ගුවන් යාන 5ක් එන්ජින් සහ අමතර උපාංග හිඟවීම හේතුවෙන් මාස ගණනක සිට කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගාල් කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටිනවා.

මෙවැනි භාවිතයට නොගන්නා යානා බොහෝමයක් 2017 වසරෙන් පසුව භාවිතයට ගන්නා ලද A320 එන්.ඊ.ඕ හා w321 එන්.ඊ.ඕ කාණ්ඩයේ ගුවන් යානා බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව එයාර් බස් ගුවන් යානා 24ක් තිබෙන බවත් ඉන් යානා 12ක් දිගු දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන A330 – 200 සහ A330 – 300 කාණ්ඩයේ ගුවන්යානා වන බවත් ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කළ සිටියේ, අනෙකුත් ගුවන් යානා 12 කෙටු දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන අතර එලෙස යොදා ගනු ලබන්නේ A320, A321, A320, A321එන්.ඊ.ඕ W321 එන්.ඊ.ඕ කාණ්ඩයට අයත් ගුවන් යානා බවයි.

තවද, මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකි A320 එන්.ඊ.ඕ වර්ගයේ ගුවන්යානා දෙකම ගාල් කර ඇති බවත් එසේම මගීන් 188ක් රැගෙන යා හැකි W321 එන්.ඊ.ඕ කාණ්ඩයේ ගුවන් යානා 4ක් ඇති අතර අද වන විට ඉන් ගුවන් යානා 3ක් අමතර කොටස් හිඟය නිසා ගුවන් තොටුපළේ ගාල් කර ඇති බවත් ඔහු විසින් පවසා සිටියා.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා අමතර කොටස් නොමැතිව ගාල් කර දැමීම හේතුවෙන් ගුවන් සේවයට විශාල පාඩුවක් සිදු වන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here