පක්ෂ නායකයින් හදිසියේ රැස්වෙයි

1376

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබේ.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ එම පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා ආරාධනා කර තිබේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.

එළඹෙන පාර්ලිමේන්තු සැසියේ දී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයිනි විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here