ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම සමාගම පවසන්නේ සිය සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් එම ක්‍රියාවලිය ආරම්භකර ඇති බවය.
එහි අරමුණ 2023 කාර්යක්ෂමතා වසර බවට පත්කිරීම බව සඳහන් ය.
නවතම සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපෑම් ඇතිවෙයි.
ඒ යටතේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිතය.
මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කර තිබේ.
එම සමාගම මීට පෙරද සේවකයින් 11,000ක් පමණ ඉවත්කළේය.
