Starship මංගල ගමනේදීම පුපුරයි (VIDEO)

305

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබෙනවා. 

ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි එම රොකට්ටුව ගුවන්ගත කෙරුණා. 

මෙය කාර්යමණ්ඩලය රහිතව ගුවන් ගත කළ අතර විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බවයි වාර්තා වන්නේ. 

මේ පිළිබඳ අදහස් දැක්වු ඉලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සදහා උත්සාහා ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here