පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවතින අධික උෂ්ණත්වය මත අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සම්බන්ධයෙන් පාසල් ප්‍රධානීන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා.
මෙහිදි අධික උෂ්ණත්වයයන් සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල දී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම නිසා ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම අවස්ථාවන් වලදී සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු අතර සිසුන් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බව ද දැනුම් දී තිබෙනවා.
තවද වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව ද එම නිවේදනයේ සඳහන්.
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.
මීට අමතරව මෙවැනි අවස්ථාවන්වල දී පහසුකම් සැලසීම යටතේ සහ සිසුන්ගේ පුද්ගලික පෙරසූදානම යටතේ ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ නිකුත් කර තිබෙනවා.
