කුවේටයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් පනස් දෙදෙනෙකු දිවයිනට

1299

කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙය වන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 230 දරණ යානයෙන් ඔවුන් අද අලුයම පැමිණි බවයි.

ගුවන් තොටුපල හිරු වාර්තාකරුට අනුව එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here