මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අනුමැතිය

1274

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා සඳහන් කළා. 

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමටයි මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ. 

ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට ද නිර්දේශ හිමිව ඇති බවයි ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ. 

ඒ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here