දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා

1597

වෙසක් නිවාඩුව යෙදෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ අනුව වෙසක් නිවාඩුව වෙනුවෙන් අද (04) සිට විශේෂ බස් සේවාවන් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා. 

කොළඹ සිට පිට පළාත් දක්වා සහ පිට පළාත්වල සිට කොළඹ දක්වා ද මෙම බස් රථ සේවා ක්‍රියාත්මක බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ. 

මේ අතර හෙට (05) සහ ලබන 07 වැනි දා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here