GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම හෙට

195

යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25වෙනි සැසි වාරයේදි නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

එම සැසි වාරය හෙට විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වේ.

ඒ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වේ.

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව අමාත්‍යංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here