ජනපති සහ TNA අතර සාකච්ඡාවක්

76

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ.

අද (09) දිනය තුළ ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා තිබේ.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වූ බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here