වෙළඳපොළේ සීනි මිල ඉහල යාම සම්බන්ධයෙන් ලබා දෙන ලෙස වෙළද හා ආයෝජන පතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේනතුවේදී පැවසීය.
ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සිනි මිල ඉහල යාමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා
තිරිගු පිටි මත අයකළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහල සිදුවුය නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13% කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15% කින් පමණ පහළ ගොස් ඇති බවක් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් යටතේ රජය පැන වු බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා සදහන් කළේය.
