බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ඊයේ රේගුව විසින් සිය භාරයට ගනු ලැබූ අතර ඒවා නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
යන්ත්‍රයක් ලෙස පෙනෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කර තිබූ ඇසුරුමක් තුළ මෙම දුම්වැටි 556,000 ක ප්‍රමාණයක් අසුරා තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 85 ක් පමණ වන අතර ඊට අය කෙරෙන බදු ප්‍රමාණය රුපියල් මිලියන 70 ක් පමණ වෙයි.
මීට අමරතව ජපානයේ සිට ආනයනය කරන ලස බහාලුමක් තුළ තිබී කොටස් කරන ලද ජිප් රථ 4ක් සහ මෝටර් රථයක්ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි.
එමෙන්ම රේගුවට ප්‍රකාශ නොකර ආනයනය කරන ලද යතුරුපැදි 18ක් හා රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා මධ්‍යසාර තොගයක් මෙන්ම විසබීජ නායක ලෙස ආනයනය කළ වයින් තොගයක් ද අමාත්‍යවරයාගේ නීරික්ෂණයට ලක් වුණි.
