ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
