මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයට වෙනසක්

1178

2023 මැයි 17 වන දින සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් තොරතුරු සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව කළින් අයිතිකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් නොකිරීමටයි තීරණය කර ඇත්තේ. 

ඒ වෙනුවට වාහනයේ ආසන්නතම පෙර හිමිකරු පමණක් සඳහන් කිරීමට තීරණය කර තිබෙනවා. 

කෙසේවෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක පද්ධතියේ පෙර අයිතිකරුවන්ගේ තොරතුරු දිගටම රඳවා තබා ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here