ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ.
2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක් කළා.
