බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දිනය අදයි.
ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හඳුන්වයි.
මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සලකනු ලබනවා.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්තානයත්, පැහැදිලිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දිනයද වන්නේ මෙයයි.
කෙසේ වෙතත් 1972 මැයි මස 22 දා ප්‍රථම ශ්‍රී ලංකා ජනරජ දිනය අති උත්කර්ෂවත් ආකාරයෙන් සමරා තිබුණා.
රට පුරා සමරු උත්සව, බෝධි පූජා සහ ආශිර්වාද පූජා ද පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් පුරවැසියන් වීමේ සතුට සමරමින් ජනතාව කැවුම්, කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කොට, සැණකෙළි පැවැත් වූ බවද සඳහන්
