රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් මන්ත්‍රීට රු. මිලියන 7.5ක දඩයක්

1502

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔහු සන්තකයේ තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි රේගු මාධ්‍ය ඒකකය සඳහන් ක‍ළේ.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක බවත් ජංගම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බවයි රේගුව සඳහන් කළේ.

ඩුබායි රාජ්‍ය යේ සිට ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here