ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡාවක්

42

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Trần Lưu Quang මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජපානයේ පැවති මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවය.

මේ අතර ජනාධිපතිවරයා ජපානයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය තාරෝ කොනෝ මහතා අතර සාකච්ඡාවක් සිදුකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙරට ඩිජිටල්කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරුණු පැහැදිළි කර ඇති බවය. 

ඩිජිටල් පරිවර්තන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය ඒකාබද්ධව කටයුතු කිරීමට එහි දී එකගතාව පළකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here