රාජාංගනයේ සද්ධා රතන හිමි අත්අඩංගුවට

1174

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු පැවසීය.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව රාජාංගනයේ සද්ධා රතන හිමියන්ව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

උන්වහන්සේව අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here