එනසාල් පෙට්ටි 09 ක් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

199

කොළඹ වරාය පොලිස් වසමේ CICT පරිශ්‍රයෙහි තිබූ බහාලුමකින් එනසාල් පෙට්ටි 09ක් සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සොරකමට ලක් වූ එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න වේ.

එසේම අදාළ එනසාල් තොගය පටවා තිබූ කන්ටේනර් රථය ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 35, 37 සහ 39 යන වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදලුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවට පොලීසිය ස‍‍දහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here