ශ්‍රී ලංකාවේ අලුතින්ම විවෘත වන සුපිරි සාප්පු සංකීර්ණය Havelock City Mall එළඹෙන 2023 අගෝස්තු මාසයේ දී විවෘත කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම සහ නවතම ඒකාබද්ධ ව්‍යාපෘතිය වන හැව්ලොක් සිටි දොරටුව අසල පිහිටා ඇති Havelock City Mall ඵ්කක ගොඩනගා ඇත්තේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයාද වන Overseas Realty (Ceylon) PLC විසිනි.
වර්ග අඩි 325,000ක දළ බිම් ප්‍රදේශයක විහිදෙන, Havelock City Mall ඵ්කක යනු අපගේ පාරිභෝගිකයන් සඳහාම සුවිශේෂී වූ පාරාදීසයකි. එමෙන්ම,ODEL, Cargills Food Hall, Scope Cinema, Food Studio, Cool Planet සහ Abans ඇතුළු ප්‍රමුඛතම වෙළඳ සන්නාම හයකටද ඒ තුළ ඉඩහසර සපයයි. ඊට අමතරව, අසමසම විලාසිතා සහ උපාංග, විනෝදාස්වාද අවස්ථා, ආහාර පාන වර්ග, පහසු සේවාවන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ තෑගි භාණ්ඩ ඇතුළු නව්‍යතා රැසක් පිරිනමනු ලබන අතර තවත් අලෙවිසැල් 132 ක් මෙහි ඇත.
ආහාර ලෝලීන් සඳහා තම සිතැඟි පරිදි තෝරාගැනීමට ආහාර වර්ග රාශියක් මෙම Havelock City Mall ඵ්කකයෙහි ඇත. යුහුසුලුව සේවාවන් සපයන අවන්හල්, සුවපහසු කැෆේ, ක්‍රීඩා අවන්හල් වලින් සැදුම්ලත් දේශී්ය හා විදේශීය ප්‍රණීත ආහාර වර්ග පිරුණු විශේෂිත අවන්හල් 30කට අධික ප්‍රමාණයකින් සමන්විත ආහාර පාන ආශ්‍රිත සේවාවන් රාශියක් මෙහිදී පාරිබෝගිකයන්ට අත්විඳිය හැකිය.
Havelock City Mall හි විස්මිත විනෝදාස්වාද අත්දැකීම් පෙළක්ද මෙහිදී එළිදක්වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විශාල ආකෘතියේ IMAX සිනමා ශාලාව ද සමඟින්, ආසන 1,000කින් සමන්විත, තිර හයේ බහුපථ සිනමා අත්දැකීමක්ද මෙහිදී විඳගත හැකිය. කුඩා ළමුන් වෙනුවෙන් Wet & Wild Adventure Zone ජල ක්‍රීඩා සහ වික්‍රමාන්විත ක්‍රීඩා අත්දැකීම්වලට සමාන අත්දැකීමක් ලැබීමටද පාරිබෝගිකයන්ට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ. Jungle Zone හි ඇති කඳු නැගීමේ අත්දැකීමක් ඔබට සමීප කරන පරිශ්‍රය සහ Ocean Zone හි ඇති ජල ක්‍රීඩා ක්‍රියාකාරකම්ද වික්‍රමාන්විත අත්දැකීම් සොයා යන ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. එමෙන්ම මුළු පවුලටම අත්විඳිය හැකි ඔග්මන්ටඩ් රියලිටි (AR) සහ අතථ්‍ය රියලිටි (VR) ක්‍රීඩා අත්දැකීමක් පිරිනමන ක්‍රීඩා ආකේඩ් පරිශ්‍රය ක්‍රීඩා ලෝලීන්ගේ නිසැක සතුටට හේතු වනු ඇත.
Overseas Realty (Ceylon) PLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්‍ෂ ප්‍රවීර් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර තුන අභියෝගාත්මක කාලසීමාවක් වූ නමුත්, වසංගත සමයේ සහ මූල්‍ය අර්බුදය සමග මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ඔවුන් ජය ගත් බවයි. තවද අද වන විට අනාගතය පිළිබඳ ශුභවාදී ආකල්පයන්ගෙන් සහ විශ්වාසයෙන් යුතුව ඔවුන් ශක්තිමත්ව නැගී සිටින බවද ඔහු තවදුරටත් පවසන ලදි. මෙම වෙළඳ සංකීර්ණය තුළ ඔවුන්ව විශේෂ කරවන සුවිශේෂී ලක්ෂණ ඇති බව විශ්වාස කරන බැවින් එයින් පාරිබෝගිකයන් අතිශයින් සතුටට පත්වන බවද ඔහු පැවසීය. එහි උසස් සංවර්ධන සංකල්පය, පරිපූර්ණ ප්‍රමාණය, කේන්ද්‍රීය පිහිටීම සහ ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද ජාත්‍යන්තර සහ දේශීය සන්නාම එකතුව සමඟින්, එය පවුලේ සියල්ලන්ටම ගැලපෙන නවීන ජීවන රටාවකට උචිතම වෙළඳ සංකීර්ණය බවට පත්වීමට නියමිත බවද එය සිය පාරිභෝගිකයන්ට ප්‍රීතිමත් ස්ථානයක් වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
එහි උපායමාර්ගික කේන්ද්‍රීය ස්ථානයට අනුව එය අවට පදිංචි පවුල් 180,000කට වැඩි ප්‍රමාණයකට විනාඩි 15ක ධාවන දුරින් පිහිටා ඇත. එය කාර්යාල කාර්ය මණ්ඩලය 6,000කට ආසන්න ජන සංඛ්‍යාවක් සිටින මිරේකා ටවර් සංකීර්ණයට සහ සුඛෝපභෝගී මහල් නිවාස 1,000 කින් සමන්විත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට පියවර කිහිපයක පමණ දුරින් පිහිටා ඇත. මෙම අසමසම ප්‍රවේශය හරහා කොළඹ 3,4,5, සහ 6 ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම දෙහිවල, ගල්කිස්ස, නුගේගොඩ, මහරගම, කොට්ටාව, කිරුළපන, නාරාහේන්පිට, රාජගිරිය, නාවල, කෝට්ටේ සහ ඉන් ඔබ්බට යන ප්‍රදේශවල පදිංචිකරුවන්ටද ඉතා පහසුවෙන් මෙහි ලඟා විය හැක.