නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පිළිබද සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.
අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
“පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.
