සිසුසැරියටත් අයකිරීමක් – අවසන් තීරණය ඇමති දන්වයි

1430

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව පැවසුවේය.

ඔහු පවසන්නේ රට තුළ පවතින මුල්‍යම අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බවය.

ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසුවේය.

එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම් එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එලෙස 30% ක හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here