ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 9යක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙහිදී ශ්‍රි ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග තියම පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාදීම මෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත බවය.
