වෙළෙඳපොළ දත්ත වලට අනුව මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000කින් පමණ පහළ ගොස් ඇති බව පෙන්නුම් කරයි.
පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී දැක්වූ “කැරට් 22” රන් පවුමක මිල රු. 152,600ක් වන අතර අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 147,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර සිකුරාදා රු. 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 159,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
