පාකිස්තානයේ උද්ධමනය වාර්තා අතරට

70

පාකිස්තානයේ උද්ධමන අනුපාතය මැයි මාසයේදී 38%ක පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ ඉකුත් මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 36.4 කි.

විදෙස් මාධ්‍ය පැවසුවේ පාකිස්තානයේ ආහාර ද්‍රව්‍ය මිල සීග්‍රයෙන් ඉහළ යෑම එරට උද්ධමනය ද ඉහළ යාමට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවය.

තිරිඟු පිටි, අර්තාපල්, තේ, සහල් සහ බිත්තර වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාකිස්තානය තුළ සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.

පාකිස්තානය තුළ පවතින දේශපාලන අර්බුදය ද එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here