චක්‍රලේඛ ගහන්න ඕන නෑ, ඡන්දෙ තිබ්බ නම් හරි – සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයාට කියයි

953

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්තු 19 වැනිදායි පසු පළාත් පාලන ආයතන ධුර කාලය අවසන් වූ විට ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයකු මෙම ආයතන සම්බන්ධීකරණය සඳහා ඉදිරිපත් කරන ලෙස රජය නිකුත් කළ චක්‍රලේඛනය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් සතුටු වන නමුත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධීකරණය විමට රජයේ සංවර්ධන නිලධාරියකු යොදා ගැනීමට අදාළව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බවත්, මේ සියලු බලතල ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාරව පළාත් පාලන කොමසාරිස්වරු, නාගරික කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරු සිටින බවත් නව පත්කිරීම් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවදුරටත්, මීට පෙර ඉදිරිපත් කළ චක්‍රලේඛනය සේම මෙම නව චක්‍රලේඛනයත් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවත් විවිධ අවස්ථාවල විවිධ චක්‍රලේඛ ඉදිරිපත් නොකර බිය නොවී, නිවට නොවී කශේරුකාව ශක්තිමත් කර ගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මේ සියලු ප්‍රශ්නවලට ජනවරමෙන් පිළිතුරු ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here