විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී එවූ මුදල ඩොලර් මිලියන 2300 පනී

175

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසුවේ විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇති බවත්, මැයි මාසයේදී පමණක් එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් වන බවත් ය.

මේ ආකාරයට මේ වසර තුළදී එවා ඇති ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 792 ක් වන බවද මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක මුදලක් එවා තිබෙන අතර පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක මුදලක් එවා තිබෙන බවද මාර්තු මාසයේදී පමණක් විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක මුදලක් එවා ඇති බවද අප්‍රේල් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක මුදලක් මෙරටට එවා තිබු බවද ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here