පොලිස් නිළධාරීන් 07 ක් අත්අඩංගුවට

158

2023.01.10 වන දින පොලිස් මත්ද්‍රවය කාර්යංශය විසින් හෙරොයින් සමඟ නාරාහේන්පිට
ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන අතරතුර ඇතිවූ
සිදුවීමකින් සු සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කි‌රීමේදී මියයාමේ සිද්ධිය
සම්බන්ධ‌යෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙසේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 41 ක් වූ තෙල්වත්ත, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි
නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමණාකරුවෙකු වේ.
මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට‌ ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ‌ලෙසට
ගරු මහේස්ත්රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝග අනුව සැකකරුවන් වන
පොලිස් මත්ද්‍රවය කාර්යංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරින් 07 දෙනෙකු 2023.06.09 වන දින අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ‌ගෙනඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here