විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනතේ අවසන් කෙටුම්පත ඉදිරි දෙසතිය තුල.

868

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීම උදෙසා අදාල ප්‍රතිපත්තිමය කරණු නීර්ණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලදී.

එහි සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා,සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා,
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මැතිතුමා කටයුතු කරනු ලබයි.
එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු ඇතුළත් මූලික කෙටුම්පත මේ වනවිට සකස් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ ද අදහස් හා යෝජනා පිළිබඳවද අවධානය යොමු කරමින් අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.
ඒ සඳහා වන අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන සියළුම රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
එහිදී මාධ්‍ය ආයතන නියෝජිතයින් මෙම පනත් කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරිම සඳහා කෙටුම්පතේ සිංහල පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟතාවය පල විය. කෙටුම්පත අධ්‍යයනය කර අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා සිය අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් ලබා දෙන ලෙසද මාධ්‍ය ආයතන නියෝජිතයින් ඉල්ලීමක්‌ කරන ලදි.
ඒ අනුව ඉදිරි දෙසතිය තුළ ඔවුන්ගේ ද අදහස් ඇතුළත් කරමින් අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා දෙපාර්ශ්වයේම එකඟතාවය පළ විය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මැතිතුමා, අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා,
අතිරේක ලේකම්වරුන්,
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,නීති කෙටුම්පත් සම්පාදන
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here