සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එමෙන්ම, නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් අතර, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් කර තිබේ. නමුත් ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක්කර නොමැත.
හෙට (10) ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය.
