ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් හමුවෙයි!

1869

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු නායකතුමා
මේ වන විට ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය වන්නාවූ සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන චෙන් චෙන් (Chen Chen), ටකෆුමි කඩොනෝ මහතා (Takafumi Kadono) යන නියෝජිත පිරිසද එක්ව සිටියහ.

බිඳ වැටී තිබෙන ක්ෂේත්‍ර පිළිබඳව එකින් එක පැහැදිලි කළ විපක්ෂ නායකතුමා මේ තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාවට කාලය අවශ්‍ය බවත්, නිවැරදි මූල්‍ය කලමනාකරණය උදෙසා රජය දිරිගැන්වීමේ සහ රජයට අවශ්‍ය උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවයක් මෙහි දී විපක්ෂ නායකතුමා පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here