කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

1040

අද (13) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු  10 සිට ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here