මැදමුලනින් නැවත හිස ඔසවන ගෝත්‍රික මිලේච්ඡත්වය  පරාජය කරමු!

1073

කිසියම් මිලේච්ඡ කල්ලියක් විසින් සමගි ජනබලවේගයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මැදමූලන කොට්ටාශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයාව කටයුතු කළ චින්තක සම්පත් මහතාගේ වාහනයට ගිනිතබා තමන්ට හුරු පුරුදු දේශපාලන ප්‍රචණ්ඩත්වයට හිස එසවීමට කටයුතු සිද්ධ කොට තිබේ.

මේ පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට අපි අවධාරණය කරමු.

චින්තක සම්පත් මහතා ප්‍රදේශයේ කැපී පෙනෙන තරුණ දේශපාලනඥයෙකු ලෙස පෙරට එමින් සිටි අතර ඔහුගේ සමාජ සේවා කටයුතු කෙරෙහි ප්‍රසාදයට පත්ව ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින ඔහු සහ සමගි ජන බලවේගය වටා පෙළගැසෙමින් සිටින අතරතුර,එය දරාගත නොහැකි බියගුලු මිලේච්ඡ කල්ලියක් විසින් මෙම ගිනි තැබීම සිදු කොට ඇති බව අප විශ්වාස කරමු.

අන්තනෝමතික අදූරදර්ශී පාලන ක්‍රමය හේතුකොටගෙන රට බංකොලොත් තත්වයට පත්කළ පොහොට්ටු ආණ්ඩුවට එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා අරගලය හමුවේ ජනාධිපති අගමැති සහ මැති ඇමැති තනතුරු අතහැර යන්නට සිදුවිය.

අද ඔවුන් ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව අලුත් වටයකින් ආරම්භ කොට ඇත්තේ හිංසනය ප්‍රචණ්ඩත්වය සහ මිලේච්ඡත්වය පදනම් කරගත් අශිෂ්ට පන්නයේ නැගී සිටීමකි.

මේ දුර්දාන්ත තත්ත්වයට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුබට නොවන අතර ඔවුන්ට හුරු පුරුදු ප්‍රචණ්ඩ ගෝත්‍රික දේශපාලනයට එරෙහිව එකාවන්ව පෙළ ගැසෙන බව ද අවධාරණය කරමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here