ආයෝජකයින්ගේ ගැටලු විසඳීමට නව පනතක්

956

පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙනඑන බවද ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බවද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙරට ආයෝජන සිදුකිරීමේදී බලපත්‍ර ලබාගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් ය. 

එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා දී ඇති අතර මෙම මධ්‍යස්ථානය මගින් ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද දිලුම් අමුණුගම මහතා පෙන්වා දී තිබෙන අතර ඔහු  වැඩිදුරටත් සඳහන් කළේ නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක  බවයි.

රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍ය බවද මන්ත්‍රීවරු විසින් එහිදී පෙන්වා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here