ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්

885

අද (17) පෙරවරු 08ට රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අවසන් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන අතර එහි සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බවය.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වූ අතර තමන් දැඩි අසීරුතාවට පත්වූ බවට රෝගීන් චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here