වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ඇමති ශෙහාන්ට

965

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට පිටත්වගොස් ඇති බැවින් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්කිරීමකට අනුව වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.

ඊයේ (16) මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (17) දින සිට මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here