එළැඹෙන ව්‍යවස්ථා සභාවේ දී මහජන උපයෝගීතා කොමිසම සඳහා නව සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, එළඹෙන සතියේ දී එළඹෙන 26 වනදා ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවය.
එහිදි දැනට පුරප්පාඩුව පවතින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති අතර මේ වන විටත් සභාපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාව වෙත දැනුම් දී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (20) සිට ලබන 23 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවත් ඒහිදි ජුනි මස 21 වනදා දුෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර හෙට දිනයේ දී පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමට පියවර ගෙන ඇති බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

