එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් මෙරට බලධාරීන්ට පණිවුඩයක්

1010

වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව ද අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසි වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය දශකය තුළ කවුන්සිලයේ නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසයි.

ඊයේ (19) ජිනීවා හීදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here