හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙන අතර පොලීසිය පැවසුවේ අදාළ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය.
වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන අතර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
තවද අද (21) අලුයම උදෑසන 6ට පමණ ගාල්ල කොස්ගොඩ ඉද්දරුව ප්‍රදේශයේ පදිංචි විජිත් හෙවත් “රන් මහත්තයා” නමැත්තා ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබුණි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුගේ නිවස ඉදිරි පිටදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදි විජිත් නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.


