විදුලිබල සේවකයින් කොළඹට

910

අද (21) විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසන අතර දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බව එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව අද දිනයේ දහවල් 1ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේ දැවැන්ත විරෝධතා වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් පවත්වනවා. මේකට ප්‍රධාන හේතුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරලා පෞද්ගලික සමාගම් 15කට විකුණන්න ආණ්ඩුව සුදානම් කරලා තිබෙනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමට මුවාවෙලා ලංකා විදුලිබල මණ්ඩලය වගේ දැවැන්තයෙක් ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක්. ඒ පනතේ අන්තර්ගතය සමග විශේෂයෙන්ම අපි අවශ්‍ය වුණොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට නියමිතයි. අද සමුළුවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතවශ්‍ය බිඳවැටීම් හා බලාගාර පවත්වාගෙන යන සේවකයින් හැර සියලුදෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ විහාරමහාදේවි රංගපීඨයට පැමිණෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here