ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදයක් හේතුවෙන් ඊයේ (20) දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි පිරිසකට රැකියා අහිමිවී තිබෙන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍ය අධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මෙම ප්‍රමාදය හේතුවෙන් කොරියානු මානව සම්පත් ආයතනය ශ්‍රමිකයින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
මෙම පිරිස ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට යාමට නියමිතව තිබූ බව සඳහන් වන අතර ඒ, මෙරටින් දකුණු කොරියාව සඳහා යවන 800 වෙනි කණ්ඩායම යටතේයි.
මෙම කණ්ඩායමට ශ්‍රමිකයින් 52ක් ඇතුලත් වූ බව සඳහන්.
සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මොවුන් සඳහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඉකුත් මැයි මස 23 වෙනිදා ද සිදුවූ ගුවන් යානා ප්‍රමාදයක් හේතුවෙන් ද කොරියානු රැකියා අපේක්ෂකයින් පිරිසකට රැකියා අවධානමකට මුහුණ දීමට සිදුවී ඇත.


