ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළ යයි

931

2021 වසරට සාපේක්ෂව 2022 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයා ඇති ආදායම රුපියල් බිලියන 17යි දශම 5ක් වන අතර පෙර වසර හා සැසදීමේදී ආදායම් වර්ධනය 120% ඉක්මවනු ඇත.

2022 වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් විගණිත මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සාමාජික ප්‍රදානයන් යන ආදායම් වර්ධනය සඳහා හේතු වූ සංරචක හතරකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here