අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන නායකයා ඒකාධිපතියෙකු ලෙස හඳුන්වමින් සිදුකළ ප්‍රකාශයට රුසියාව ද ප්‍රතිචාර දක්වා තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොන් සඳහන් කළේ, ජනපති බයිඩන්ගේ ප්‍රකාශය, චීනය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික උණුසුම සමනය කිරීම සඳහා රාජ්‍ය ලේකම් බ්ලින්කන් දරන ප්‍රයත්නයට පරස්පර විරෝධී වන අතර එහි තේරුම්ගත නොහැකි තත්ත්වයක් පවතින බවය.
කෙසේ නමුත් එය ඔවුන්ගේ ප්‍රශ්නයක් බවත් චීනය සමග රුසියාව ඉතා යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනපති බයිඩන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ද ප්‍රකාශයක් කර තිබුණි.
ජසින්ඩා ආර්ඩන් ඉවත්වීමෙන් පසු නවසීලන්තයේ අග්‍රමාත්‍ය ධුරයට පත්වූ ඔහු පවසා ඇත්තේ තමා ජනපති බයිඩන්ගේ ප්‍රකාශයට තමා එකඟ නොවන බවය.
චීනයේ පැවැතියයුතු රජය කවර ආකාරයේ එකක්ද යන්න චීන ජනතාව විසින් තීරණය කළ යුතු බව ඔහු සඳහන් කරයි.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ලබන 25 වනදා සිට 30 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරතවීමට නියමිත අතර ඒ සඳහා නවසීලන්තයේ විශාලතම සමාගම්වල නියෝජිතයන් ද එක්වෙයි.
චීනය සහ බටහිර ලෝකය අතර මතභේදකාරී තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ තායිවාන අර්බුදයයි.
චිනයේ තම රටට අයත් දිවයිනක් ලෙස සලකන තායිවානයේ ක්‍රියාත්මක වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයකි.
රටක් ලෙස පිළිනොගත්ත ද අමෙරිකාව ඇතුළු රටවල් තායිවානය සමග සමීප සබඳතා පවත්වයි.
මෙවැනි පසුබිමක චීනයේ ගුවන්යානා, නෞකා පෙළක් සංවේදී තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඊයේ මුහුදු ගමනක නිරතවී තිබේ.
එහිදී චීන නාවුක ක්‍රියාකාරකම් අධීක්ෂණයට ගැලපෙන හමුදා අංශ යෙදවූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
චීන ගුවන්යානා සහ ප්‍රහාරක නෞකාවක් පසුගිය අප්‍රේල් මාසයේ තායිවාන මුහුද අශ්‍රිතව චීනය පැවැත්වූ නාවික අභ්‍යාසයකට ද එක්වුණි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සිය බීජිං චාරිකාව නිමාකරද්දී අමෙරිකානු යුද නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවද අනාවරණය වෙයි.
අමෙරිකානු වෙරළාරක්ෂක බළකායට අයත් (Stratton) නෞකාවක් පසුගිය අඟහරුවාදා මෙම සංචාරයේ නිරතවී ඇති අතර, එය නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා අමෙරිකාවේ කැපවීම පිළිබිඹු කරන බව අමෙරිකානු නාවික හමුදාවේ 7 වැනි බලකාය සඳහන් කර ඇත.
