අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර ගුරුවරු විරෝධතාවක

711

අද (26) අපොස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ සිය කටයුතුවලින් ඉවත්ව රජය මඟින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදීම හේතුවෙන් එම විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදුකර තිබේ.

දින 12කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසති.

එහෙත් මුදල් බැරකල බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවත් විරෝධතාකරුවෝ පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here