ඊයෙ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ අතර ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ද සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
