පේරාදෙණිය සරසවිය බලන්න ලක්ෂ 4ක් පැමිණෙයි – වටපිටාව ගන්න දෙයක් නැහැ

695

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර අසූවක් (80) සැපිරීම නිමිත්තෙන් විශ්ව විද්‍යාලය මහජන ප්‍රදර්ශනය සඳහා පෙරේදා (01 වැනිදා) විවෘත කෙරිණි. විශ්වවිද්‍යාලය දැකබලා ගැනීමට ලක්ෂ හතරක පමණ පිරිසක් පැමිණ සිටිය අතර නරඹන්නන් විශ්වවිද්‍යාල පරිසර පද්ධතියේ තැන තැන කසළ දමා විනාශ කර ඇත.


එමෙන්ම, විශ්වවිද්‍යාල භූමියේ තණකොළ සහ මල් වවා ඉතා අලංකාර ලෙස පවත්වාගෙන යනු ලබන ස්ථානවල වාහන නවතා එම පරිසර පද්ධතියටද දැඩි ලෙස හානිකර තිබේ.

එමෙන්ම විශ්වවිද්‍යාලය නැරඹීමට පැමිණි පිරිස විශ්වවිද්‍යාල භූමියේ ගස්වල වැල්වල එල්ලී සෙල්ලම් කරන අයුරුද දැකගත හැකිවිය.

අසූවන සංවත්සර උත්සවයට සමගාමීව ශාස්ත්‍ර, විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු, දන්ත, පශු, සම සෞඛ්‍ය ඇතුලු පීඨ නවය නැරඹීමට අවස්ථාව සැලසීමට විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් ඇතුළු පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇති අතර ලෝක උරුමයක් බවට පත්වූ මහාවංශය, කුඩාම බයිබලය, ජෙට් එන්ජිම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෞතුකාගාරය, පුස්කොල ග්‍රන්ථ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇතුළු අංග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here