හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවය දීර්ඝ කොට ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරන අතර ඔහු පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටි අතර ජනාධිපතිවරයා විසින් නැවතත්ඔ හුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇත.
පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ආචාර පෙළපාලියක් පවත්වන නමුත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යන දිනයේ එලෙස අචාර පෙළපාලියක් පවත්වා නොමැති බවද වාර්තා වන අතර හිටපු පොලිස්පතිවරයා හෙට (9) හෝ අනිද්දා (10) යළි සේවයට වාර්තා කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථාන ජේෂ්ඨ නිළධාරියෙක් විසින් සදහන් කළේය .

